රුසියානු ආරක්ෂක අංශ විසින් නැගෙනහිර යුක්රේනයේ කුපියාන්ස්ක් හි පිහිටි කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට වාර්තා වේ.
ප්‍රහාරයෙන් කෞතුකාගාරය විනාශයට පත්ව ඇති අතර ,එහි සුන්බුන් අතර සිරව සිටින පිරිස් සහ කෞතුක භාණ්ඩ සොයා මේ වන විට මෙහෙයුමක්ද ක්‍රියාත්මක අතර එහිදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බවට යුක්රේන ජනපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
තුවාල ලැබූ දස දෙනා කෞතුකාගාර සේවකයින් වන අතර ,රැසියාව ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බවට සදහන්.















































