උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට මුහුණ දීම සඳහා දකුණු කොරියාවට සහය වීමේ අරමුණින් ඇමෙරිකානු ජනපති ජෝ බයින්ඩින් සහ දකුණු කොරියානු ජනපති යූන් සුක්-යෙඕල් නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම සිව් වසරකට පසු ප්‍රථම වරට ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දකුණු කොරියාවට යැවීමට නියමිත අතර මෙම එකඟතා මඟින් ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව වර්ධනය වන බව ඇමෙරිකානු ජෝ බයින්ඩින් පරිපාලනය් සඳහන් කර තිබේ.















































