ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සදහා සියළු කටයුතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය Vijay Kumar Singh ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළ බවට වාර්තා වේ.
1999 වර්ෂයේ දී පාලම ඉදිකිරීමට කටයුතු ආරම්භ කර ඇති අතර මෙය නිම කිරීම සදහා ඩොලර් මිලියන 168ක් වැය වී ඇති අතර ඕනෑම කාලයකට සරිලන පරිදි ඉදිකිරීමට යන මෙම පාලම දකුණු ජම්මු කාශ්මීරයේ ස්‍රී නගර් දිස්ත්‍රික්කයේ සිට ඉන්දීය අගනුවර දක්වා හැකි ඉක්මනින් සාදා නිම කිරීමට පියවරගෙන තිබේ.
පැරීසියේ අයිෆල් කුළුණට වඩා වැඩි උසකින් යුත් මෙම පාලම ඉදි කිරීම මගින් නායයාම ,හිමපතනය,ජල ගැලීම් සහ ගස් කඩා වැටීම් වැනි ප්‍රවාහන කටයුතු සදහා බාධා අවම කර ගැනීමට හැකි වන බවට මෙහි ඉදිකිරීම් බාර ඉංජිනේරු සමාගම ප්‍රකාශ කර තිබේ.















































