වෙසක් උත්සව සැමරුම නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් දින 03ක් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව,ලබන මැයි මස 4,5 සහ 6 යන දිනයන්හීදී දිවයින පුරා සිල්ලර මත්පැන් අලෙවි කිරීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තබනු ලබයි.
මෙම නියෝගයට අනුව කටයුතු කිරීම අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද සියලු විධිවිධාන යොදා තිබේ.














































