වෙරළ තීරයේ මෙන්ම කළපු ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී කටයුතු , ත්‍රස්තවාදී ක්‍රියා , විවිධ ජාවාරම් මැඩලීමට ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ සංකල්පයකට අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ තුනක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ බව වාර්තා වේ.
මෙම රථ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සදහා පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇති අතර මෙම විශේෂ වූ රථ ඉදිරියේදී මන්නාරම සහ කොළඹ ප්‍රදේශයන්හි වෙරළ තීර ආශ්‍රිතව සිදුවන විවිධ නීතිවිරෝධී ක්














































