දික්වැල්ල – වලස්ගල දෙමටපිටිය මංසන්ධියේදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී -56 වර්ගයේ ගිනි අවියකින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ.
දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු වන මොහු බුලත්කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ (27)රාත්‍රියේ වෙළදසැල වසා නිවසට යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඔහු දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරු කර යවා ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.














































