ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඉනිමකින් සහ ලකුණු 10 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් වූ බව වාර්තා වේ.
මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සංචාරක අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කරගත් අතර අනතුරුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704ක් රැස් කරගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.
ඒ අනුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දුන් සංචාරක අයර්ලන්ත පිල සියලු දෙනා දැවී ලකුණු 202ක් රැස් කරගත් අතර ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.













































