ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය මැයි 2 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බවට වාර්තා වේ.
අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ල වී ඇති අතර මෙම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැදවනු ලැබීය.
මැයි 2 වනදා විත්තිය සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බවත් නැතහොත් මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර සිටී.














































