ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය එළඹෙන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් එලෙස කටයුතු කිරීමට සිදුව ඇත්තේ පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කිරීම හේතුවෙන් වන බවත් ය.
මේ වන විට බස්රථ සේවය පළාත් තුළ පමණක් ක්‍රියාත්මක අතර දුම්රිය සේවා පළාත් තුළ හෝ මේ වන තෙක් ආරම්භ කර නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එමෙන්ම සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව එළඹෙන 21 වනදා සිට පළාත් අතර බස්රථ ධාවනය සහ දුම්රිය ධාවනය ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.