පසුගියදා දකුණු කොරියානු ජනාධිපතිවරයා න්‍යෂ්ටික සබ්මැරීන භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ගිවිසුමකට එකඟ වී ඇති අතර එය වඩාත් භයානක එකක් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොයුරිය වන කිම් ජෝ යොන්ග් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ඇමෙරිකාව සහ දකුණු කොරියාව අඛණ්ඩව සිය යුද අභ්‍යාස වල නිරත වීමත් සමඟ තම රටෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































