English
සිංහල
10:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුධ හමුදා සෙබළුන් කම්කරු සේවයේ යොදවා මුදල් හොයලා. යුධ හමුදා ලුතිනන් කර්නල්ට හා රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක්

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • යුධ හමුදා සෙබළුන් යෙදීමෙන් ඉතිරි වූ කම්කරු කුලිය නිලධාරීන් ගසා කාලා.
    • ටෙන්ඩර් ක්‍රමයෙන් පිට භාණ්ඩ ලබා ගැනීම අණදෙන නිලධාරියා විසින් සිදුකරලා.
    • ආයුර්වේද නිලධාරින්ට කදවුරේ පාටියක් දීලා.
    • වැලි ගොඩ දාල තියෙන්නෙත් හමුදා භටයන්.
    • යුධ හමුදා භටයන් ගොඩ දැමු වැලි වලටත් බිල් යොදා සල්ලි අරගෙන.
    • යුධ හමුදා ට්‍රැක්ටර් වලින් කදවුරට ගෙනා වැලි කිලෝ මීටර් 80 ක් දුරට යුධ හමුදා ලොරි වලින් ගෙනත්.
    • පැරණි ෂීට් සෝදලා ආයෙත් දාල.
    • ඌව පළාත් අයුර්වේද ප්‍රධානීන්ද වංචාවට හවුල්
    • කඳවුරේ බ්ලොක්ගල් වැඩ පලෙන් ගල් අරන් එකක් 55 ගානේ බිල දාල.

    සෙල්ලකතරගම යුධ හමුදා කදවුරට අයත් 20 වන ශ්‍රී.ලං.සි.රේ. වේ සෙබළුන් යොදවා සෙවනගල, කිරිඉබ්බන් ආර අර්යුවේද රෝහල අලුත්වැඩියා කිරීමේදී දූෂණ, වංචා සහ අකටයුතු ගණනාවක් සිදුව ඇති බවට තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ 2021 වර්ෂයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඌව පළාත් අර්යුවේද කොමසාරිස් මගින් සෙවනගල අර්යුවේද රෝහල අලුත්වැඩියා කිරීමට රජයේ මුදල් එක්කෝටි විසිපන්ලක්ෂයක්ද, දියතලාව අර්යුවේද රෝහලෙන් ලක්ෂ තිහක් පමණ වටිනා භාණ්ඩද අනුමතවී ඇති පසුබිමක මෙම නීතිවිරෝදී කටයුත්ත සිදුව තිබෙන බව අප සතු ලේඛන වලින් පෙනී යයි.

    එම අර්යුවේද රෝහල අලුත්වැඩියාව සදහා යුධ හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වය පමණක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබු බවද සදහන් වේ. මේ සඳහා භාණ්ඩ සපයන්නේ සැපයුම් කරුවන් විසින් බවට තහවුරු වන ලේඛනද අප වෙත ලැබී තිබේ.


    කෙසේවෙතත් වාර්තාවන ආකාරයට සෙල්ල කතරගම යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් තිලකසිරි විසින් රජයේ ටෙන්ඩර ක්‍රමයට භාණ්ඩ ලබාගැනීම නොසලකා හරිමින් එම නිලධාරියා විසින්ම මිලගණන් පත් ඉදිරිපත් කරන්මින් භාණ්ඩ ලබා ගැනීම ඔහු විසින්ම සිදු කර තිබේ. රජයේ මුදල් වියදම් කිරීමේදී රජයේ ලියාපදිංචි අයගෙන් ටෙන්ඩර් කැදවා භාණ්ඩ ලබාගැනීමට කටයුතු කල යුතු උවත් එම ක්‍රමවේදයට පරිභාහිරව යමින්, මෙම නිලධාරියා විසින් යුධ හමුදා උසස් නිලධාරීන්ද නොමගයවමින් භාණ්ඩ ලබා ගැනීමේ ටෙන්ඩරය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවටද අපට ලැබී තිබෙන ලේඛන වල සඳහන්ය.


    එසේම සෙවනගල අර්යුවේද රෝහලේ වාට්ටු අලුත්වැඩියා කටයුතු සිදුකොට තීන්ත ගෑම, වහලය සෑදීම, වඩිම්බු ගැසීම, වැසිකිලි 5 ක් සෑදීම, ටයිල් කිරීම හා රෝහල් ඉදිරිපිට තාප්පය බැදීම යන තැන් අලුත්වැඩියාව සදහා ඉහත සදහන් මුදල් හා භාණ්ඩ ලැබී තිබේ. මේ සදහා භාණ්ඩ ලබා ගැනීමට කතරගම සම්පත් හාඩ්වෙයාර් නමැති ආයතනයෙන් මිල ගණන් පත් ඉදිරිපත් කිරීමට අණදෙන නිලධාරී කටයුතු කර ඇත. ඌව පළාත් අර්යුවේද කොමසාරිස් විසින් මේ සඳහා ලබාදෙන චෙක් පත් කතරගම සම්පත් හාඩ්වෙයාර් එකට ලැබුණු පසුව එම නිලධාරියා විසින් එම හාඩ්වෙයාර් අයිතිකරුට බලපෑම් කොට චෙක්පත් මුදල් ආපසු ඉල්ලා ගැනීම සිදුකොට තිබෙන බවට චෝදනවක්ද ඉදිරිපත් කර තිබුනත් එසේ බලපෑම් කරමින් මුදල් ලබාගත්තේද යන්න අප විසින්ම තහවුරු කරගෙන නැත. එම හාඩ්වෙයාර් එකෙන් භාණ්ඩ ලබාගෙන ඇත්තේ සුළු ප්‍රමාණයකි. එසේම වෙනත් හාඩ්වෙයාර් වලින් බාලබඩු, අඩුමුදලට මිලදී ගෙන, සම්පත් හාඩ්වෙයාර් ආයතනයෙන් හිස් බිල්පත් ලබාගෙන ව්‍යාජ මිලගණන් දමා බිල් සකසා ඌව පළාත් අර්යුවේද ගණකාධිකාරී වෙත මෙම ලුතිනන් කර්නල් වරයා විසින් යැවීමට කටයුතු සලසා ඇත. මේ හොර බිල්පත් සකසා තිබෙන්නේ ඉහත සදහන් කදවුරේ PRI අංශයේ සිටින කෝප්‍රල් සෙනවිරත්න බවත්, බිල්පත් අත්සන් කර තිබෙන්නේ මේජර් වික්‍රමසේකර නම් නිලධාරියා බවටද සදහන් වේ.


    ඒ අනුව සෙවනගල අර්යුවේදය පිළිසකර කිරීමට අවශ්‍ය වැලි ගොඩ දමන්නේ සෙල්ලකතරගම කඳවුර අසල ඇති යාල කැලේ ඇලකින් හා ගෝතමීගම වැලි ආරුවෙන් බවත්, මෙම වැඩ කරවන්නේ යුධ හමුදා සෙබළුන් යොදවා යුධ හමුදාවේම RSM ඩබ්. ඕ. අයි. රත්නායක විසින් බවත් සදහන් වේ. එසේ සපයා ගන්නා වැලි සදහා වැඩි මිලගණන් යොදා ප්‍රවාහන ගාස්තු ද එක් කොට හොර බිල් පත් සකසා එම වැලි කදවුරේ තිබෙන ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් කදවූර වෙත ගෙනවිත් කදවුරේ ලොරි රථ වලින් සෙවනගල අර්යුවේදය දක්වා ප්‍රවාහනය කරවීමට අදාළ ලුතිනන් කර්නල් වරයා නියෝග කර තිබේ.


    කෙසේ වෙතත් රෝහලේ තාප්පය සෑදීමට බ්ලොක් ගල් ඉහත සදහන් කදවුරේ බ්ලොක් ගල් වැඩපලෙන්, වැලි වැඩිපුර යොදා සිමෙන්ති අඩුවෙන් යොදා බාල විදියට සාදා රැගෙනගොස් තාප්පය බැද තිබේ. බ්ලොක් ගලක් රුපියල් 42 ක් වන අතර ප්‍රවාහන ගාස්තු සමග කියා රුපියල් 55 ට බිල් සකසා ඇත. අණදෙන නිලධාරියාගේ කොන්ත්‍රාත් වැඩ සිදු කිරීමට කදවුරේ ලොරි යොදා ගනිමින් ඒ සදහා අවශ්‍ය භාණ්ඩ හා අනෙකුත් ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබයි. මේම වාහනවලට ඉන්ධන සපයන්නේද යුධ හමුදව විසිනි. සෙල්ලකතරගම සිට සේවනගලට කිලෝමීටර් 80 ක් පමණ ඇත. මේ සියලු වැඩ සදහා භාණ්ඩ මිලදී ගැනීමට හෝ මේ සම්බන්ධ මොනයම්ම ක්‍රියාවකට උවද යන්නේ අණදෙන නිලධාරියා පමණක් බවද කියා වේ. අනෙත් නිලධාරීන් හට මේ සම්බන්ධ කිසිදු ක්‍රියාවකට හෝ ඒවා සොයා බැලීමට යාමට තහනම් වේ. ඒ සියලු අණකිරීම් අණදෙන නිලධාරීගේ අණ බව සදහන්වේ.


    එසේම සෙවනගල අර්යුවේදය සැදීමට ලුතිනන් කර්නල් තිලකසිරිගේ ලඟම හිතවත් කණ්ඩායමක් යොදවා තිබේ. ඒ අතර බලලත් නිලධාරී II වසන්ත, සැරයන් ප්‍රේමලාල්, කෝප්‍රල් කුමාරසිංහ, කෝප්‍රල් වසන්ත, කෝප්‍රල් මිහිර බණ්ඩාර, ලාන්ස් කෝප්‍රල් කුමාරසිංහ ඇතුළු සෙබළුන් 20 ක් පමණ විටින් විට යොදවා තිබේ. මේ අය සදහා කදවුරේ පිටත වැඩ කිරීමට ද නීතිමය අවසරයක් නොමැති බව සඳහන් වේ.

    ඔවූන් විසින් සිදුකරනු ලැබූ වැඩ අතර රෝහල් තාප්පයේ කනුව ගැඹුරට කානුව කපා අත්තිවාරම් දැමීමට නියමිතව තිබුනද එසේ සිදු නොකට කණුවට එක කම්බියක් පමණක් යොදා සාදා තිබේ. රෝහලේ වෛද්‍ය වරුන් මේසදහා විරෝදය පෑවද මෙම නිලධාරියා ගණනකට වත් ගෙන නැති බව සඳහන් වේ. වැඩ කරන යුධ හමුදා බාස්වරුන් හට උපදෙස් ලබා දී ඇත්තේ සිමෙන්ති අඩුවෙන් යොදා වැලි වැඩිපුර යොදා පිටට පෙනෙන ටික පමණක් සිදු කරන ලෙසයි. අර්යුවේදයේ ගොඩනගන ලද වැසිකිලි වලට කුඩා ජනෙල් සවි කර නොමැත. සැලැස්මේ ඇතත් නිලධාරියා ඒවා කලේ නැත. පසුව වෛද්‍ය සුදර්ශනී මහත්මිය විසින් ඇයගේ පුද්ගලික මුදලින් බිත්තිකඩා කුඩා ජනෙල් සවිකරතිබේ. රෝහල් වාට්ටු වල ටයිල් අල්ලනවිට පරණ සිමින්ති කඩලා ඉවත් කොට කොන්ක්‍රීට් දමා ටයිල් ඇල්ලීමට ඇස්තමේන්තුවේ තිබුනද පරණ සිමෙන්ති පොලාවේම කොලපු ගා ටයිල් ඇල්ලීමෙන් එම ටයිල් ගැලවී යාම හේතුවෙන් වෛද්‍ය සුදර්ශනී මහත්මිය විසින් සාජන් මෙජෙර් වසන්ත හට බැනවැදී තිබේ. එම සිදුවීමෙන් අනතුරුව නැවත ටයිල් ගලවා සකසා ඇති බව වාර්තාවේ. අබලන්ව දිරාපත්වූ වහලයට අලුත් සීට් දැමීමට තිබුනද, පරණ ෂීට්ම සෝදා නැවත දමා ඇති බවත් අලුතින් ෂීට් කිහිපයක් පමණක් දමා ඇතිබව වාර්තාවේ. එම හේතුව මත මේ වනවිටත් වැස්සට රෝහල ඇතුලතට වැසි ජලය වැටෙන බවද සදහන් වේ. රෝහලේ අලුත්වැඩියාව නිසි සැලැස්මට හා ක්‍රමවත්ව කලයුතු වැඩ නියමිත පරිදි සිදු කොට නොමැති අතර මෙහි සියලු වැඩ ප්‍රරමිතියකින් තොරව බාගෙට සිදුකොට තිබෙන බවද සඳහන් වේ.


    රෝහල භාරව සිටින වෛද්‍ය සුදර්ශනී මහත්මිය විසින් “මෙතරම් රජයේ විශාල මුදලක් යොදවා රජයේ රෝහලක් අලුත්වැඩියා කරන විට ඉන්ජිනීරු මහතුන්ගේ සහය ලබාගෙන ප්‍රමිතියෙන් යුතුව සාදා දෙන ලෙස කිහිපවරක් මෙම යුධ හමුදා ලුතිනන් කර්නල් වරයාගෙන් ඉල්ලා සිටියද” ඔහු ඒවා නෑසුනා සේ ක්‍රියා කොට තිබේ. එම මහත්මිය මේවා වාර්තාකොට මෙම කොන්ත්‍රාත්තුව යුධ හමුදාවට දෙන්න එපා කියා ප්‍රකාශ කර තිබුනත් ඌව පළාත් සෞක්‍ය කොමසාරිස් ඇතුළු සියලු දෙනා හට මුදල් ලැබෙන නිසා එය කරගැනීමට නොහැකි වී ඇති බවද අපට ඒවා තිබෙන තොරතුරුවල සඳහන් වේ. ඌව පළාත් අර්යුවේදයෙන් වැඩ ආරම්භ කරනලද මුල් අවධියේදී ඉංජිනේරුවරියක් පැමිණියද මෙම නිලධාරියා විසින් ඇය හට බැන වැදී එලවාගෙන තිබේ. යුධ හමුදා ඉන්ජිනේරුවන්ගේද සහය ලබා ගැනීමටද මෙම හමුදා නිලධාරියා කටයුතු කොට නැත.


    මේම සියලු වැඩ රාජකාරීන් භාරව සිට ඇත්තේ සාජන් මේජර් වසන්ත නම් පුද්ගලයෙකි. වාට්ටු වලට අල්ලන ලද ටයිල් අඩු මුදලට, ප්‍රමිතියෙන් තොර, බාල කොලඹින් ගෙන්වන ලද ටයිල් වේ. 2022 අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දට කලින් ලුතිනන් කර්නල් තිලකසිරි විසින් ආර්යුවේද රෝහලට ඇවිත් වැඩකරන සෙබළුන් 20 දෙනකු හට රුපියල් 10000 බැගින් ලබා දී තිබේ. ප්‍රමිතියෙන් තොරව කරන ලද ඉදිකිරීම්, මුදල් බෙදු අකාරය සහ ශාක්ෂි ලෙස චායා රූප ද තිබේ. රජයේ ටෙන්ඩර් පටි පාටියට පටහැනිව භාණ්ඩ ලබා ගනිමින් ප්‍රමිතියෙන් තොරව බාල බඩු යොදා අක්‍රමවත්ව අපිළිවෙලට කොන්ත්‍රාත් කිරීමට යුධ හමුදාවේ නිලධාරීන් හට අවසර ලබා දුන්නේ කවූරුන්ද?, යන්න සෙවනගල ප්‍රදේශවාසින් ප්‍රශ්න කරයි.


    රෝහලේ වැඩ ආරම්භ කල කාලයේ 2022 පෙබරවාරි 26 වැනි දින අණදෙන නිලධාරී විසින් සෙල්ලකතරගම කදවුරේ නිවාඩු නිකේතනයට ඌව පළාත් අර්යුවේද කොමසාරිස්වරිය, ගණකාදීකාරී හා තවත් වෛද්‍ය වරුන් කණ්ඩායමක් ගෙන්වා ඉහත කදවුරේ සංගීත කණ්ඩායම යොදවා විශාල පාටියක් ද ලබාදී තිබේ.


    තවද මෙම නිධාරියා විසින් PRI අංශයේ සිටින කෝප්‍රල් සෙනවිරත්න හට රුපියල් ලක්ෂ 8 ක් ද, අණදෙන නිලධාරීගේ රියදුරු වන කෝප්‍රල් සම්පත් හට රුපියල් ලක්ෂ දෙක බැගින් ද ඔහුන්ගේ පුද්ගලික බැංකු ගිණුම් හට යොදවා තිබේන අතර සාජන් මේජර් වසන්ත හට සෑම මසකම රුපියල් 15000 බැගින් ගෙවා ඇත. ඉතිරි ලාබය අර්යුවේද කොමසාරිස්, ගණකාධිකාරී, අණදෙන නිලධාරියා බෙදාගෙන ඇති බව සදහන්වේ.


    2021 නොවැම්බර් මස වැඩ ආරම්භ කොට 2022 ජුලි 14 දින අර්යුවේදය නැවත භාර දුන් අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම ලක්ෂ 155 ක් වේ. අණදෙන නිලධාරියා විසින් රජයේ මුදල් අමු අමුවේ කාබාෂණය කරමින් බාල අමුද්‍රව්‍ය යොදා ප්‍රමිතියෙන් තොරව බාගෙට වැඩ සිදු කොට ලක්ෂ ගානක් ලාබලබා ඇති බව පැවසේ. මෙහි රුපියල් ලක්ෂ 50 කවත් වැඩ සිදුකොට නොමැති බව සදහන් වේ. සෙවනගල ප්‍රදේශයේ අහිංසක දුගී දුප්පත් ජනතාවගේ පවුල්වල ජනතාව ප්‍රථිකාර ලබා ගැනීම සදහා මෙම රෝහලට පැමිණේ. මෙතරම් විශාල රජයේ මුදලක් වියදම් කොට ඉතා අලංකාරව නවීන ලෙස ආර්යුවේදය සෑදීමට සැලසුම් කොට තිබුනද මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසාවෙන් මුදලින් රුපියල් ලක්ෂ 125ක් ද භාණ්ඩ වලින් රුපියල් ලක්ෂ 30 ක් පමණද අපතේ යවා 20 වන ශ්‍රී.ලං.සි.රේ. වේ සෙබළුන් යොදවා සෙවනගල අර්යුවේද රෝහල් ව්‍යාපෘතියෙන් විශාල ලාභයක් ලබා ඇති බවත් සෙබලුන් හට පඩි ගෙවනුයේ රජය බැවින් එම ලාබයද නිලධාරීන්ටම ලැබී තිබේ. යුධ හමුදා නිලධාරීන්ට මෙතරම් විශාල කොන්ත්‍රාත්තුවක් සිදුකිරීමට දැනුම නැත. අනුමැතියක්ද යුධ හමුදා මුලස්තානයෙන් ලබා දෙන්නේද නැති බව සදහන් වුවත් ඒ සදහා අදාළ රෙජිමේන්තු බලධාරියා විසින් අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවත් ජනතාවත් මෙතරම් විශාල ආර්ථික අර්බුදයක සිටි කාලයක රජයේ මුදල් ගසා කා ඇති බව සදහන්වේ. මෙම ව්‍යාපෘතිය ඉංජිනේරුවන් යොදවා පරික්ෂා කොට මුදල් වියදම් විගණනය කොට සෙවනගල දුප්පත් අහිංසක ජනතාවගේ අර්යුවේදය නිසි පරිදි සකසා ගැනීමට වගකිව යුතු සියලු බලධාරීන්ගේ හා අතිගරු ජනාධිපති තුමන්ගේ අවධානය වෙත යොමුකරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි.

    ශ්‍රී රාවණා ලංකා අපගේ විමර්ශනයේ නිඝමණය.

    මේ පිලිබදව ශ්‍රී ලංකා යුධ හම්දාව හම්බන්තොට ප්‍රදේශය භාර නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් පරීක්ෂණයක් සිදුකර තිබේ. එම පරීක්ෂණයෙන් මෙම කර්නල්වරයා නිදහස් කර තිබෙන්නේ කිසිදු වරදක් සිදුව නැතිබවට සදහන් කරමිනි. ඌව පළාත් ආයුර්වේද දෙපාර්තෙම්න්තුව මගින් 2022 10 25 දින 16/3/3/2/ – 18/2022 දරන ලිපිය මගින් දන්වා තිබෙන්නේ ඉදුරාම තෝරාගත් සැපයුම්කරුවන් මගින් මුදල් ගෙවා භාණ්ඩ ලබාගත් බවත්, මුදල් ගෙවීමේ සහ ගණුදෙනු කටයුතු සදහා යුධ හමුදා භට පිරිස් යොදා නොගත් බවත් සහ භාණ්ඩ යුධ හමුදාව වෙත ලබා දීමේදී ඌව පළාත් ආයුර්වේද තොග ගබඩාවල විමර්ශන කටයුතුවලින් පසු යුධ හමුදා භට පිරිස් හට ලබා දුන් බවයි. එම ලිපිය ලියා යොමුකර තිබෙන්නේ 20 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, යුධ හමුදා කදවුර, ඩෝස්ර වැව, කතරගම ලිපිනය වෙතයි. ඒ අනුව මෙම ලිපිය ලබා දී තිබෙන්නේ චුදිත යුධ හමුදා කර්නල්වරයා වෙතමය.ඔහුට එරෙහිව තිබු පරීක්ෂණ මණ්ඩලය වෙත ඔහු මෙම ලිපිය ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහු නිදොස්කොට නිදහස් කර තිබේ. අපගේ විමර්ෂණයට අනුව එම පරීක්ෂණ මණ්ඩලය විධිමත් පරීක්ෂණයක් කර නැත.

    එසේම 2021 අගෝස්තු මස 02 දිනැති ලුතිනන් කර්නල් ආනන්ද නමැති 121 වැනි පාබල බල සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරන නිළධාරි මහතාගේ අංක 121/බසේමු/ප්‍ර/ක්‍රියා/සිවිල්/විවිධ/08/ ( ..) 20 ශ්‍රී ලංසිරෙ දරණ ලිපියේ මෙසේ සදහන් වේ. ” ඔබ ඒකක අණදෙන නිලධාරීන්ගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සම්බන්ධීකරණ සාකච්චාවේදී බුත්තල රජයේ රෝහල 18 වැනි ගැමුණු හේවා බලකාය වෙතද, කිරිඉබ්බන් වැව අයුර්වේද රෝහල ( සෙවනගල ආයුර්වේද රෝහල) නවීකරණය කිරීමේ කටයුතු ඔබ ඒකකය වෙතින් සිදුකිරිමටද කැමැත්ත පලකරණ ලදී.”, ” කරුණු එසේ හෙයින් කිරිඉබ්බන් වැව අයුර්වේද රෝහල කොවිඩ් 19 රෝගී මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරිමේ කාර්යයන් සදහා ආසේඉ (හම්)වෙතින් ඇස්තමේන්තුපත් ලබාගෙන, එම ඇස්තමේන්තු පතට අනුව නවීකරණය කිරීමේ කටයුතු සිදුකරන ලෙස බලසේනාධිපතිතුමාගේ උපදෙස් පරිදී මින් දන්වා සිටිනු ලැබේ” ලෙස සදහන් වේ. මෙම ලිපියට අනුව යම් ඇස්තමේන්තුවක්ද කර තිබේ.

    එසේම අප මෙම ලිපියේ ඉහලින්ම වෙන් කොට දක්වා තිබෙන ප්‍රධාන කරුණු පිලිබඳව අවධානයක් ලබා දීමට ඌව පළාත් ආයුර්වේද ලිපියේ කටයුතුකර නැත. එම ලිපියෙන් සදහන් වන්නේ ගනුදෙනු සදහා යුධ හමුදා භට පිරිස් යොදා නොගත් බවය. ඔවුන් භාණ්ඩ ලබා දුන් බවක්, ඒවා ප්‍රවාහනය කල බවක් හෝ පිලිබඳව එම ලිපියේ පහැදිලි කිරීමක් ද නැත. එසේම අපට ඒවා තිබෙන විස්තරවලට අනුව එල්ලවෙන චෝදනාවලට අදාලව විමර්ශනයක් කර තිබෙන බවට අපට අනාවරණය වන්නේ නැත.

    කෙසේ නමුත් අපට තොරතුරු ලබා දී තිබෙන ආකාරයට යුධ හමුදාව මගින් සිදුකර තිබෙන විමර්ශනය නිසි ලෙස සිදුව නැත. මෙම ලිපියට අනුව එහි සදහන් තොරතුරු ඔස්සේ විමර්ශනයක් කර තිබෙන බවට අනාවරණය නොවන අතර යුධ හමුදා පරීක්ෂණ මණ්ඩලය ආයුර්වේද රෝහලට ගොස් තොරතුරු ලබාගෙන නැති අතර, අදාළ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් හෝ තොරතුරු ලබාගෙන නැත. කෙසේ නමුත් මෙම අණදෙන නිලධාරියා විශේෂ බලකායේ සිටි නිලධාරියෙක් බවද, ඔහු මෙම රෙජිමේන්තුවට පැමිණියාට එම රෙජිමේන්තුවේ දිගටම සිටි නිලධාරීන් අකමැත්තෙන් සිටි බවද, එම හේතුවෙන් මෙසේ බොරු චෝදනා එල්ලකරන බවද යුධ හමුදාවේ අභ්‍යන්තර තොරතුරු මගින් අපව දැනුවත් කරන ලදී.

    ඒ කෙසේ වෙතත් යුධ හමුදා නිලධාරීන් හෝ ඌව පළාත් ආයුර්වේද නිලධාරීන් හෝ මෙම රෝහල මගින් යම් වංචාවක් සිදුකර තිබේ. එබැවින් යුධ හමුදාව මගින් නොව මේ පිලිබදව විගණකාධිපති මගින් සහ වෙනත් මූල්‍ය අපරාධ පරීක්ෂණයක් මගින් මේ පිලිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකල යුත්තේ අප සතුව තිබෙන ලේඛනවලට අනුව මහජන මුදල් විනාශයක් මෙහි සිදුව තිබෙන බව පැහැදිලිවම දක්නට තිබෙන බැවිනි. එය හුධෙක් ලේඛන මගින් නොව වෙනත් තොරතුරු සහ ප්‍රකාශ මගින් සියල්ලම තහවුරු කරගත යුතුව තිබේ. වංචාවක්, දූෂණයක් මෙන්ම මහජන මුදල් විනාශ කිරිමක් සිදුකර තිබෙන බවට අපට ලැබී තිබෙන ලියවිලි අනුව යම් අපට නිගමනයකට එලබිය හැකිය. වැරදි සිදුකර තිබෙන්නේ කවුද, කර තිබෙන වැරදි මොනවාද, කර තිබෙන්නේ කෙසේද යන්න මුල සිට සෙවිය යුතු අතර ඒ සදහා ආරම්භයක් ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ගේ නම්ද අප මෙහි සදහන් කර තිබේ. මුදල් ගෙවා තිබෙන්නේ කෙසේද, ටෙන්ඩර් ලිපි, ඇතුළු අනෙකුත් තොරතුරු පිලිබදව අප තව දුරටත් ගවේශනය කරමින් සිටින්නෙමු. එසේම මෙම රෝහල වෙත අපගේ කිහිප දෙනෙකු යාමටද නියමිතව තිබේ. එබැවින් මේ පිලිබඳව තවත් වාර්තාවක් අප විසින් ඉදිරියේදී ඉදිරිපත් කිරිමට නියමිත බැවින් මෙම ලිපියේ සදහන් කරුණු දෙස නිසි ලෙස සොයා ස්වාධීන පරීක්ෂණයක් කිරිම බලධාරීන්ගේ වගකීම වේ. එය සිදුවන තෙක් තොරතුරු ලබා දී තිබෙන සිවිල් ජනතාව බලා සිටි. ( ශ්‍රී ලංකා යුධ හමුදාව, රජයේ විගණකාධිපති, මූල්‍ය අපරාධ විමර්ශන කොඨිඨාශය, අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව, ඌව පළාත් ආණ්ඩුකාර)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version