“2048 ජයගමු” යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වී ඇති බව වාර්තාවේ.
මේ සදහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් අති විශාල පිරිසක් මැයි දින උළෙලට සහභාගී වී සිටි බව පැවසේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ පැමිණීමත් සමග එම පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ආරම්භ කර තිබේ.














































