English
සිංහල
04:48 බදාදා, ජූනි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කම්කරු නීතිය මේ වසරේදී වෙනස් කරලා ජනාධිපතිතුමාගේ නමත් – එක්සත් ජාතික පක්ෂයේ නමත් ඉතිහාසගත කරනවා

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    2048 දී දියුණු, සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අරගලයට සියලු දෙනාම අත්වැල් බැදගත යුතුයි

    රට වෙනුවෙන් වැඩ කරන කම්කරුවන්ටත්, රටට මුදල් එවන විදේශගත ශ්‍රමිකයින්ටත් විප්ලවීය ආචාරය

    ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහිකරගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සදහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමටත් යෝජනා

    2048 වසරේදී මේ රට දියුණු සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අරගලය ඉදිරියට ගෙන යමින්, සිස්ටම් එක චේන්ජ් එක කිරීම සදහා සියලුදෙනාම අත්වැල් බැදගත යුතු බවත්, ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් රටේ යහපත වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මින් පෙර කටයුතු කළ ආකාරයටම කටයුතු කරමින්, මේ වසර තුළදී කම්කරු නීතිය වෙනස් කර එක්සත් ජාතික පක්ෂයේත්, ජනාධිපතිතුමාගේත් නම ඉතිහාසයේ සනිටුහන් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    මේ වෙලාවේ රට වෙනුවෙන් වැඩ කරන සියලුම කම්කරුවන්ටත්, බෙහෙත්, ආහාර, ඉන්ධන ලබාගැනීම සදහා මුදල් එවූ විදේශ ගත ශ්‍රමිකයින්ටත් තමන්ගේ විප්ලවීය ආචාරය පුද කරන බවද, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සමුළුවේදී අමාත්‍යවරයා පැවසුවේය.

    දියුණු, සංවර්ධිත රටක් බවට මෙරට 2048 වසර වන විට පත් කරගැනීමේදී කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන යෝජනා එකලොහකින් යුත් යෝජනාවලියක්ද අමාත්‍යවරයා ඉදිරිපත් කළේය. එම යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් විසින් අත් ඔසවා අනුමත කළේය.

    අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය මෙසේය

    වසර හතරක විරාමයකට පසුව පවත්වන මැයි දිනය අදයි. 1886 මැයි 1 වැනිදා පැය අටක වැඩ මුරයක් ඉල්ලා චිකාගෝ නුවර සිදුවූ ඒ ඛේදනීය සිදුවීම හා දිනය සිහිපත් කරමින් ලොව පුරා ශ්‍රමය වගුවරවන ගැහැණුන් හා මිනිසුන් සංකේතාත්මකව මැයි දිනය සමරනු ලබයි. මේ එලෙස සමරනු ලබන 136 වැනි මැයි දිනයයි. 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස මැයි 1 වැනිදා ලෙස නම් කළා.

    1927 පටන් මේ දක්වා ලංකාවේ කම්කරු සහයෝගිතා දිනය සැමරුවත්, දේශපාලන පක්ෂ හා කණ්ඩායම්, පටු දේශපාලන සටන් පාඨ රැගෙන ආවේ කම්කරුවා දේශපාලන අතකොලුවක් බවට පත්කරගනිමිනි. ඒ තුළ කම්කරුවාගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් වූ යෝජනා කිසිවක් අප දුටුවේ නැත. ඔවුන් සැබෑ අරමුණකින් රත් පැහැය තම පැහැය සමග මුසුකරගෙන කම්කරුවාගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින බව කීවත්, ලංකාවේ කම්කරුවා, වාමවාදී දුප්පත් කම්කරුවාමය. පසුගිය කොවිඩ් වසංගතයෙන් ඇරඹි ආර්ථික කඩාවැටීමට ලක්වූ රට තුළ කම්කරුවා අන්ත අසරණභාවයට පත්වෙද්දී, ඔවුන් දේශපාලන මෙවලමක් කරගත්තා මිස ඔවුන්ගේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් තීරණ ගන්නා කණ්ඩායම් අප දුටුවේ නැත. ඔවුන් සැමදා කළේ අප පක්ෂය කම්කරු සතුරෙකු ලෙස හංවඩු ගැසීමයි. එහෙත්

    1. සේවක භාරකාර අරමුදල පිහිටුවීම
    2. සේවක අර්ථසාධක අරමුදලට ලබාදෙන පොලී අනුපාතය ඉහළ දැමීම
    3. අවිධිමත් ලෙස සේවය කළ පිරිස් විධිමත් සේවකයින් බවට පත් කිරීම
    4. සේවකයන්, සේවයෙන් ඉවත් කිරීමේදී වන්දි සූත්‍රයක් හදුන්වාදීම
    5. කම්කරු ආරවුල් පනත ගෙන ඒම
    6. පාරිතෝෂික දීමනා පනත සම්මත කරමින් සේවකයින්ගේ අනාගතය පිළිබද මූල්‍ය ස්ථාවරයක් ඇති කිරීම

    වැනි පියවර ගත්තේ අප මිස ඔවුන් නොවන බව මතක් කළ යුතුය.

    තවමත් අපට ඇත්තේ පෞරාණික කම්කරු නීතියකි. ආයෝජකයින් ආපසු හැරී යන කම්කරු නීතියකි. කෝටි දෙකකට අධික ජනගහයක් ඇති අප රටේ බදු ගෙවන සමාගම් ඇත්තේ අතලොස්සකි. සේවක අර්ථසාධක අරමුදලට සහා සේවක භාරකාර අරමුදලට දායකත්වය ලබාදෙන ආයතන ඇත්තේ අසූදහසකි. කම්කරුවා දිනෙන් දින ජීවන මට්ටමෙන් පහත වැටෙමින් සිටී. මේ අර්බුදයේදී කම්කරුවාගේ ජීවිත මෙතරම් අනාරක්ෂිත වූයේ මේ නිසා නොවේද? ආනයනනික වාමවාදී දුප්පත් කිළිටි කම්කරුවා වෙනුවට අනාගත ලෝකයේ අනාරක්ෂිත නොවන, මානව සම්පතක් බිහිකිරීම ගරු ජනාධිපතිතුමන් ඇතුළු අප පක්ෂයේද, අපගේද, අරමුණයි.

    එසේම වඩා වැඩි ව්‍යවසායකයින් නිර්මාණය කිරීම මගින් ශක්තිමත් නිෂ්පාදනයක් සේම නොසැලෙන ශ්‍රම සම්පතක් නිර්මණය කිරීම අප හමුවේ ඇති අභියෝගයයි. අපට උවමනා වන්නේ අනාගතයේ ඕනෑම ආර්ථික තත්වයකට මුහුණදිය හැකි රටක් නිර්මාණය කිරීමයි. රටට නිදහස දිනාදුන්, ජාතිවාදී, ආගම්වාදී, පටු රාමුවෙන් මිදුණ විශ්වීය ගුණ ඇති පක්ෂයක් මෙන්ම, ලිබරල් ප්‍රතිපදාවකින් යුත් පක්ෂයක් ලෙස මානව සම්පතේ හෙට දවසේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පහත යෝජනා ඉදිරිපත් කර සිටී.

    1. කම්කරුවාගේ තිරසර ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය සතික කරමින් කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතරම ශක්තිමත් ව්‍යවසායකයෙක් නිර්මාණයකරන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගන්වන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කර ව්‍යවස්ථාදායකය තුළ සම්මත කරගැනීම
    2. සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදෙන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීමටත්, දායකත්වය ලබාදෙනු ලබන ආයතන ප්‍රමාණය ඉහළ නංවාගැනීමටත් වන සක්‍රීය හා ඵලදායී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම සහ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු අයත් සේවක අර්ථ සාධක අරමුදලට ඇතුළත් කරගැනීම
    3. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාවර කිරීම සදහා පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. රටේ ආර්ථිකය තුළ විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඇතුළත් නොවන අසංවිධිත අංශයේ සේවකයින් වෙනුවෙන් පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමටත් රැකියා අවසාන කිරීමකදී හෝ රැකියාව අහිමිවීමේදී ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයේ දායකත්ව විරැකියා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
    4. 2048 දී සංවර්ධිත රටක් වෙනුවෙන් වන උපායමාර්ගික වැඩපිළිවෙලට ගැලපෙන ආකාරයට මානව සම්පත, ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා කටයුතු කරමින් මීලග ශිෂ්ඨාචාරය ජයගත හැකි නවීන වැඩ ලෝකයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීම සදහා වන උපාය මාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    5. ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහිකරගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සදහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම
    6. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගෙන ඇති පරිදි, වෘත්තිය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් යන්නට ගරු කරමින්, සියලුම සේවා ස්ථානවල ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සුරක්ෂිත කිරිම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම
    7. සේවා ස්ථානයේදී ලිංගිකත්වය මත පදනම්වූ වෙනස්කම්වලට භාජනවීමෙන් වැලැක්වීම සදහාත්, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නංවාගැනීම සදහාත්, සේවයේ යොදවා ඇති සේවිකාවන්ගේ මාතෘ ප්‍රතිලාභ සමාජ ආරක්ෂණ අරමුදලකින් ගෙවීම සදහාත් විධිමත් නෛතික රාමුවක් සකස් කිරීම
    8. ඕනෑම වෘත්තියක නිතරවන ශ්‍රමිකයාගේ අභිමානය, ගරුත්වය සහ වෘත්තිකත්වය ආරක්ෂාවන වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම

    9 ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මානව සම්පත් ලෙස දිරිගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම.

    1. අයිතිවාසිකම් සහ සුභසාධනය ශක්තිමත් , නූතන වැඩ ලෝකයට ගැලපෙන වතු කම්කරුවෙක් නිර්මාණය කිරීම
    2. අනාගත වැඩ ලෝකයේ ඇතිවන තාක්ෂණික වෙනස්කම් සදහා ප්‍රතිපත්‍ති සම්පාදනය සදහා විශාල දත්ත ඒකරාශී කරගැනීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය ශ්‍රම වෙළදපොල පදනම් කරගත් ජාතික වෙළදපොල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම

    2048 ජයගමු තේමා කරගත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ 2023 මැයි පළමුවැනිදා වන අද දින වාමවාදී දුප්පත් කම්කරුවා යන සංකල්පය ඉරා දමා පොහොසත්, ජවයෙන් යුත් නූතන ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රම සම්පතක් බිහිකරගැනීම උදෙසා මේ යෝජනාවලිය…… තම පුද්ගලික වාසිය පසෙකලා නිරන්තර රට ගැන සිතූ අභිමානවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ස්ථිරත්වය නියෝජනය කරමින්, මේ යෝජනාවලිය ස්ථිර කරන ලෙසට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වර්තමාන රජයේ කම්කරු අමාත්‍යධූරය හොබවන මනුෂ නානායක්කාර වන මම අප පක්ෂයේ නියමුවරුන්ට ආරාධනා කරමි.

    මෙම යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට සහභාගීවූ සියලු දෙනාම අත් ඔසවා අනුමත කරනු ලැබුවේය.

    යෝජනාවලිය සම්මත කරගැනීමෙන් පසුව මැයි රැළිය ඇමතූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙසේද කීවේය.

    පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්. දෙවනුවයි ඔබ කම්කරුවෙක් වන්නේ. තුන්වැනිවයි ඔබ වෘත්තීය සමිති සාමාජිකයෙක් හා ක්‍රියාධරයෙක් වෙන්නේ. මේ කතාව කිව්වේ බාලාතම්පෝ. බාලාතම්පෝ අත හැර නොගත් මූලධර්මය තමයි මේක. එක්සත් ජාතික පක්ෂ මැයි දිනය දවසේ බාලා තම්පෝ මතක් කළේ, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත කරලා රටට වෙලා තිබුණ විනාසයෙන් රට ගොඩනගන්න හදපු වෙලාවේ ඊනියා තුන්හවුල් දේශාපලන පක්ෂ හා ඊනියා කම්කරු සංවිධාන ඒ වැඩපිළිවෙල ආපසු හරවන්න උත්සාහ ගනිපු වෙලාවේ ඒකට විරුද්ධව මනුස්සයා රැක ගැනීම වෙනුවෙන් වර්ජන ව්‍යාපාරයට බාලා තම්පෝ සහභාගී නොවූ නිසා. අදත් මේ රටේ මහා වෙනස සිදුකරන වෙලාවේ විවිධ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ විගඩම් – නාඩගම් නටද්දී එක්සත් ජාතික පක්ෂයේ කම්කරු සංවිධාන බය නැතිව ඒවාට මුහුණදීලා රට ඉදිරියට ගෙන යන වැපිළිවෙලට සහාය ලබාදෙනවා. දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්වෙලා, වම බෙදෙනකොට බෙදෙන කම්කරු ව්‍යාපාර බවට පත්වෙලා තිබියදී, බෙහෙත් නැතිව, තෙල් නැතිව, ගෑස් නැතිව ජනතාව දුක් විදිනකොට රට ගොඩ නගන්න කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයයි. එදා සංවෘත ආර්ථිකයේ ඉදලා විවෘත ආර්ථිකයට රට ගෙනාව වගේ තමයි අදත් වැඩ කටයුතු කරන්නේ. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රට විවෘත ආර්ථිකයක් බවට පත්කරද්දී චීනයත් අපෙන් ඉගෙනගන්න ආවා. සිංගප්පූරුව අපි දිහා බලාගෙන හිටියා. නමුත් අපේ රටේ හිටපු වාමාංශිකයෝ ව්‍යවසායකයෝ බිල්ලෙක් බවට පත් කළා. ව්‍යවසායකයින් බිල්ලෙක් බවට පත් කරලා රටට එන්න තිබුණ ආයෝජන නැති කළා.

    හෙට දවසේ අපි ඩිජිටල් ලෝකයකට යන්නේ. 2048 දී සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ගමනේ අපි යන්නේ. අපේ කම්කරු නායකයෝ මහ උජාරුවෙන් කම්කරු ව්‍යාපාර ගැන කතා කරද්දී, සිංගප්පූරුව අපේ රටට ස්තුතිවන්ත වුනා. ඒ සිංගප්පූරුවේ වරායක් හදන්න පුලුවන් වුනේ ලංකාවේ කම්කරු ව්‍යාපාර නිසා කියලා ලී ක්වාන් යූ කිවවා. මේක වෙනස් කිරීමට දැන් කාලය ඇවිත් තියෙනවා. අනාගත වැඩ ලෝකයට, ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන මානව සම්පත අපි ගොඩ නැගිය යුතු වෙනවා. මේ අනාගතවාදී දැක්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කේ 2002 අවුරුද්දේදී. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට එද්දී සන්ධාන ගහලා, වැඩ වර්ජන කරලා කොයි විදියකට හරි ඒවා නතර කිරීමට කටයුතු කළා. නමුත් අද එතුමා රටට අවශ්‍ය, ජනතාව ආරක්ෂා කරන තීරණ අරගෙන තිබෙනවා. ඉදිරියට අවශ්‍ය ව්‍යවසායකයෙක් නිර්මාණය කරන, ව්‍යවසායකත්වය රකින, කර්මාන්ත රට තුළට අරගෙන එන කම්කරුවා සුරක්ෂා කරන කම්කරු නීතියක් හදන්න ජනාධිපිතුමා උපදෙස් දීලා තියෙවා.

    එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය මුලුල්ලේම අභියෝග භාරගත්තා. ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් රටේ යහපතට වැඩ කළා. ඒ වගේම මේ වසරේදී කම්කරු නීතිය වෙනස් කරලා, එක්සත් ජාතික පක්ෂයේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ, නම මේ ඉතිහාසයේ සනිටුහන් කරනවා

    අපි අරගල කියලා පහුගිය කාලේ කිව්වා. රටට මුදල් එවන්න එපා කිව්වා. සංචාරකයින්ට රටට එන්න එපා කියලා කිව්වා. මෙන්න මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නියම අරගලය ආරම්භ කළා. මිනිසුන් ජීවත් කරවන අරගලය ආරම්භ කළා. 2048 දී මේ රට දියුණු, සංවර්ධිත රටක් බවට පත් කිරීමේ සිස්ටම් චේන්ජ් එක කරනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ සිස්ටම් චේන්ජ් එකට එකතුවෙන්න කියලා අත්වැල් බැදගන්න කියලා ඔබට ආරාධනා කරනවා.

    අපි හැමෝම පළමුව මනුෂ්‍ය වර්ගයට අයත්. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හැමදාම මිනිසුන් වෙනුවෙන් හිතන්නේ. ඒ නිසා තමයි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකරන්නේ.

    මේ අවස්ථාවේ රට වෙනුවෙන් වැඩ කරපු, රටේ මිනිස්සුන්ට කන්න ටික, බොන්න ටික, තෙල් ටික අරගන්න සල්ලි එවපු විදේශ ගත ශ්‍රමිකයින්ට, කොවිඩ් වසංගතයේ ඉදලා අමාරුවෙන් වැඩ කරපු මේ රටේ කම්රුවන්ට විප්ලවීය ආචාරය පුද කරනවා. නිවරදි විප්ලවීය ආචාරය තමයි මේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version