පසුගිය 27 වනදා සිට 30 වනදා දක්වා පැවති යොවුන් මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ආසියාතික රටවල් 43 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභාගී විය . මෙම තරඟාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුට රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට හැකි වූ බව වාර්තා වේ.
ඒ අනුව දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර තේනුජ උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා රිටි පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර නාවලපිටිය අඹගමුව මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ ගම්පොළ වික්‍රබාහු මහා විද්‍යාලයේ කසුනි වික්‍රමසිංහ මීටර් 800 බාලිකා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වූ බව සඳහන්.













































