ඊයේ (02) පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ දී ලී මෝලක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තාවේ.
අතුරුගිරිය පොලිසිය ආසන්නයේම සිදුවී ඇති මේම පහර දීමේදී ඝාතනයට ලක්ව ඇත්තේ එම ලී මොලේම හිමි කාරිය බව සදහන් වේ.
මෙම ඝාතනය සිදුවීමේදී එම ලී මෝලේ සිටී තවත් සේවකයෙකු ද තුවාල ලබා ඇති බවත් ඔහු මේ වනවිට රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන බව සදහන්වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවකි.
ඝාතකයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය හා අවට පොලීස් ස්ථාන රැසක් එක්ව විමර්ශන සිදුකරණ බව වාර්තාවේ.














































