යුද හමුදා සෙබළෙක් සන්තකයේ රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් තබාගෙන සිටි බව කියමින් මහව මූලස්ථාන පොලිසිය විසින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර සෙබළා මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු යාපනය වාසවිලාන් හමුදා කඳවුරේ රාජකාරි කරන බවයි වාර්තා වන්නේ.
මොහු කදවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටියදී රුපියල් පන්දහසේ හොර ව්‍යාජ මුදල් නෝට්ටුව සමග පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
සිද්ධිය සම්බන්ධව මහව මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














































