අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,638 කි.
මේ අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681 කි.













































