ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් වී.ආර්.චෞද්‍රි සහ ආර්ක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අතර සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත් වූ බව වාර්තා වේ.
එහිදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා පුහුණුවීම්වලදී සහ තාක්ෂණික හුවමාරුවලදි නව මාර්ගයන් සෙවිය යුතු බව ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඉන්දියාවේ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉහළ වෘත්තීය හැකියාවන් ඉන්දීය ගුවන්හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.














































