කිරිවත්තුඩුව ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කතුන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
නිවස ඉදිරිපිට තිබෙන ළිඳ තුළ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි , 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් , පසුව එම නිධානය ගොඩ ගැනීම සඳහා ඔවුන් පනාගොඩ ප්‍රදේශයේ දේවාලයකට ගිය බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වූ බව සඳහන්.
කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බවට මෑනී යනුවෙන් හැදින්වූ කාන්තාවක් දින කිහිපක් තිස්සේ ලබා දුන් උපදෙස් අනුව ඊයේ (03) දින දහවල් කාලයේ නිධානය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබිණි. මෙම නිධානය ගොඩ ගැනීම සඳහා මෑනි යනුවෙන් හැදින්වූ අය විසින් අඳුන බලමින් පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබා දුන් බව ප්‍රධාන සැකකාරිය ප්‍රකාශ කර තිබේ.
සැකකාරියන් අතර අදාළ නිවෙස් හිමි , 76 හැවිරිදි කාන්තාවක් , 20 හැවිරිදි තරුණියක් සහ මෑනි යනුවෙන් හැදින් වූ කාන්තාවක් සිටින බව වාර්තා වේ. මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
 
	    	



























 
		    

















