ඊයේ (09) උදෑසන කපුගොල්ලෑව පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිය රාජකාරියට බාධා කරමින් පහර දුන් තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලියාකඩ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 21 , 23 හා 24 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් වන අතර ඔවුන් අද (10) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කපුගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හොරොව්පතාන පොලිසිය විසින් සිදු කරන බව වාර්තා කරයි.














































