රට තුළ මේ වන විට ක්‍රියාත්මක වන පළාත් සංචරණ සීමා 21 වනදා තෙක් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඉදිරියේ දී 19 සහ 20 දෙදින සමග යෙදී ඇති දීර්ඝ සති අන්තය හේතුවෙන් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩි ලෙස පරීක්ෂා කළ යුතු බව ජනපති අද (15) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී සඳහන් කර ඇත.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ අද (15) දිනයේ සිට වයස අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබා දීම ආරම්භ කළ බවත්, එළඹෙන 21 වනදා සිට අනෙකුත් දිස්ත්‍රික්කවල ද මෙම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත් ලබා දීමට පියවර ගැනීමට නියමිත බවයි.
පාසල් ළමුන් එන්නත් කිරීම අවසන් වූ වහාම ප්‍රතිශක්ති වර්ධක තෙවන මාත්‍රාවක් ලබාදීමට සැලසුම් කරන බවද එහිදී ප්‍රකාශ කර ඇත.
අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,
















































