අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ පියත් නිකේශල කොළඹ ජාතික රෝහලේදීත්, කඩුවෙල උප නගරාධිපතිවරයා මුල්ලේරියාව රෝහලේදීත් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අරගල ක්‍රියාකාරිකයාට කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති තවත් පිරිසක් සමග මෝටර් රථ දෙකකින් පැමිණ තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පහර දීම සිදු කර තිබේ.
සිද්ධියත් සමග කඩුවෙල මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා තමන්ට පහර දුන් බව පවසා මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෙපාර්ශවය විසින් සිදුකළ පැමිණිලි මත පහරදීම් වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරු ජාතික රෝහලේද, කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති මුල්ලේරියාව රෝහලේ ද පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවට මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කර තිබේ.