මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්වූ බවට වාර්තා වේ.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8කට සහභාගී වී ඇති මතීෂ ලැබු කඩුලු සංඛ්‍යාව 13කි.
ඊයේ (10) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුලු 3ක් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මතීෂ පතිරණ විශාල දායකත්වයක් ලබා දී තිබේ.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද (11) පැවැත්විමට නියමිත බව සදහන්.