කොල්ලුපිටිය පොලිසිය තුළ ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් නිලධාරින් සමත් වූ බවට වාර්තා වේ.
මෙම ත්‍රීරෝද රථය පසුගිය නව වැනිදා නඩු භාණ්ඩයක් ලෙස නම් කොට ගාල් කර තිබියදී රථයේ හිමිකරු පැමිණ අමතර යතුරක් උපයෝගි කර ගනිමින් ත්‍රීරෝද රථය පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බව සදහන්.
සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.