කොට්ටාව,මහරගම,බොරලැස්ගමුව ,හෝමාගම ප්‍රදේශවල නිවාස 40ක් පමණ බිද රුපියල් කෝටි දෙකකට අධික භාණ්ඩ සොරාගත් “ආරාම මල්ලි” නැමැති අන්වර්ථ නාමයෙන් හැදින්වෙන සැකකරු අද (11)කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
සැකකරු නිවෙස්වලින් සොරා ගන්නා ලද පවුම් 120 ක ප්‍රමාණයක් හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙදසැලකට විකුණා තිබියදී සොයා ගත් අතර එලෙස විකුණා ලබාගත් කෝටියකට අධික මුදල් හෙරෝයින් භාවිතා කිරීමට වියදම් කර ඇති බවට විමර්ශණ වලදී අනාවරණය වේ.
දිනකට රුපියල් ලක්ෂයක හෙරෝයින් පානය කරන සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
තවද, සැකකරු සතුව තිබී ලැප්ටොප් පරිගණක 6ක් සහ මුදලින් 50,000 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.














































