ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන් 40 ක් පමණ මේ වන විට ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එම දරුවන්ට ඩෙංගු රෝගය වැළදී සුවය ලැබූ පසු වෙහෙසකර කාර්‍යයන්වල යෙදවීම තුළින් අක්මාවට හානි සිඳු විය හැකි නිසා ඒ පිළිබඳව දෙමාපියන් අවධානයෙන් කටයුතු කරන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඊයේ (11) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම වර්ෂයේ ගත වූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 32,600 ක් වාර්තා වී ඇති බවත් , එය පසුගිය වර්ෂයට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවත් ඔහු සඳහන් කරන ලදී.
තවද මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 16 ක් වාර්තා වී ඇති බවත් සඳහන්.














































