අධිකරණ නියෝගය නොතකා හරිමින් අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන ගිය ආපන ශාලාවකට මුද්‍රා තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ (11) නියෝග කළ බවට වාර්තා වේ.
ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිට ගාමිණී මාවතේ පිහිටි මෙම ආපන ශාලාව පසුගිය වසරේ මාර්තු මස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාකර බලා එහි අපිරිසිදු තත්ත්වය මත චෝදනා අටක් යටතේ නඩු පවරා තිබෙන බව සදහන්.
නමුත් ආපනශාලා හිමිකරුට ආපනශාලාව පිරිසිදු කිරීමට යම් සහන කාලයක් ලබා දී තිබියදී වුවත් එය නොසලකා හැරීම සහ අධිකරණය විසින් ලබා දුන් නියෝග කඩ කිරීම හේතුවෙන්, කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය විසින් ආපන ශාලාව මුද්‍රා තබා වසා දැමීමට නියෝග කර තිබේ.














































