අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (15) සිට ක්‍රියාත්මක වන බවත් , එහි පළමු ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. ඒ අනුව අද (15) සිට අන්තර් පළාත් බස් රථ නතර කළ හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් පවතින ස්ථානවල පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ , සැලසුම් ආලෝකා කරුණාරත්න මහත්මිය සඳහන් කර තිබේ














































