සොයුරියගේ නිවස ගිනි තබා විනාශ කළ බාල සොහොයුරෙකු නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වතුපිටිවල රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක පුද්ගලයෙකු බව සදහන්.
එම නිවස ගිනි තැබීමෙන් පසු සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ,සොයුරියගේ දරුවාගේ සියලුම පාසල් පොත්,නිල ඇදුම් සහ උපකරණද විනාශ වී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































