ජපානයේ පැවැත්වෙන G-7 නායක සමුළුවේදී රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවට විදෙස් වාර්තා සදහන් කළ බව වාර්තා වේ.
රුසියාවේ බලශක්ති නිෂ්පාදන අඩපණ කිරීම ඉලක්ක කර ගනිමින් මෙම සම්බාධක පැනවීමට අවධානය යොමුව ඇති බව සදහන්.
ඒ යටතේ ඇතැම් භාණ්ඩ අපනයනය තහනම් කිරීම මගින් රුසියාවට බලපෑම් එල්ල කළ හැකිවනු බවට G-7 රටවලට සම්බන්ධ ආර්ථික විශ්ලේෂකයින් රාජ්‍යය නායකයින්ට උපදෙස් ලබා දී තිබේ.















































