කළුතර ලැගුම්හලක තුන්වන මහලෙන් ඇද වැටී 16 හැව්රිදි පාසල් සිසුවියක් මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් හතර දෙනෙකු අද අධිකරණය වෙත ඉදිරිපත් කළ බවට වාර්තා වේ.
එහිදී කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ මුදා හරින ලෙසයි.














































