නිව් මෙක්සිකෝ හි ෆාමින්ටන් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් වෙඩි තැබීමට හේතුව බව එරට ආරක්ෂක අංශ සදහන් කර තිබේ.
මියගිය තිදෙනා අතර වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අසල සිටි දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සදහන්.















































