සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (16) දින පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.
පස්වරු හතරට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වනු ලබයි.
එහිදී පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන පී හැරිසන් මහතා ජනාධිපතිවරයාට සහය පළ කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීමටද නියමිත බව සදහන්.














































