බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය හරහා බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය (ABC) ඖෂධ අන්තර්ගත කුප්පි 10,000ක් ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බවට වාර්තා වේ.
ඊයේ (17) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේදී බ්‍රසීල තානාපති Sergio Luiz Canaes වෙතින් මෙම පරිත්‍යාගය සිදු කෙරුණු අතර විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම පරිත්‍යාගය භාරගෙන ඇති බව සදහන්.
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉස්මතු කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම ක්‍රියාව අගය කරන බව බ්‍රසීල රජය ප්‍රකාශ කර තිබේ.














































