ඊයේ (180 කල්දමුල්ල , පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිම වන ලද ධාතු කරඬුව සොරකම් කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් විසින් සොරා ගත් රනින් නිමකර තිබූ ධාතු කරඬුව උණු කර තිබියදී සොයා ගෙන තිබේ. සැකකාර කාන්තාව සහ අනෙක් පුද්ගලයා ඉංගිරිය සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි 52 හැවිරිදි 38 හැවිරිදි අයවලුන් බව සඳහන්.
මොවුන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































