සුවසැරිය ගිලන් රථ රියදුරෙකුට සහ එහි හෙද නිලධාරිනියකට පහරදුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මහරගම පොලිසියට අනුයුක්ත කර ඇති මෙම සුවසැරිය ගිලන් රථය ඊයේ (18) රාත්‍රියේ වත්තේගෙදර මංසන්ධියට ගොස් ඇත්තේ අසනීප තත්වයෙන් පසුවන දෙදෙනෙකු සිටින බවට 1990 අංකයට ලැබුණු ඇමතුමකට අනුව බව සදහන්.
එහිදී අසනීප තත්ත්වයෙන් පසුවූ බවට ප්‍රකාශ කෙරුණු මෙම තරුණයින් බීමත්ව සිටි බැවින් අදාළ හෙදිය ඔවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇති අතර ,එම අවස්ථාවේදී අදාළ පහර දීම සිදුව ඇති බව සදහන්.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගෙදර ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.