ඉන්දියාවේ සිට නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන එමින් තිබූ ෂැම්පු පැකට් සහ බෝතල් සහ මුහුදු කූඩැල්ලන් ඇතුළු ලක්ෂ විසි පහකට ආසන්න දෑ සමඟ ධීවරයින් දෙදෙනෙකු කල්පිටිය විජය නාවික හමුදා නිලධාරීන් අද (19) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ සැෂේ ෂැම්පු පැකට් 33,600 ක් , ෂැම්පු බෝතල් බෝතල් 193ක් , මුහුදු කූඩැල්ලන් කිලෝ 193 ක් කල්පිටිය අනාවාසල පදිංචි ධීවරයින් දෙදෙනෙකු බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් දෑ සහ සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා රේගුවට භාර දීමට කටයුතු කළ බව කල්පිටිය විජය නාවුක කඳවුර ප්‍රකාශ කර තිබේ.
නාවික හමුදාව මෙලෙස දිගින් දිගටම ජාවාරම්කරුවන් විසින් වයඹ මුහුදු තීරය හරහා මෙරටට රැගෙන එන විවිධ දෑ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සඳහන්.














































