ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද (20) පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී 2023 වර්ෂයට අදාළ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම අවස්ථාව කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වෙන බව සඳහන්.
මෙලෙස පත් කරගනු ලබන නව නිලධාරී මණ්ඩලයට 2023 – 2025 යන කාලසීමාව දක්වා කටයුතු කිරීමට බලය තිබේ.













































