ලොව පුරා පැතිර පවතින ප්‍රචලිත සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් , සිය නාමය වෙනස් කිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
එලෙස තීරණයක් ගෙන ඇත්තේ එම සමාගම විසින් නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමේ සැලසුමක් සහිතව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ෆේස්බුක් හි ප්‍රධාන නිර්මාතෘ, එහි ප්‍රධාන විධායක නිලධාරී වන මාක්ස් සකර්බර්ග් විසින් මෙය එළඹෙන 28 වනදා පැවැත්වීමට නියමිත සමුළුවකදී එළිදැක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් එහි වෙනස් කරන ලද නව නාමය කුමක් ද යන්න මේ වන තෙක් නිෂ්චිත වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.