රජය විසින් මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමේ උත්සාහයක නිරත වන බවට සිඳුකරන ප්‍රකාශ අසත්‍ය බවත් , වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
“වර්තමාන මුදල් ඇමතිවරයාගේ කාලයේ දී තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද දැඩි ලෙස කප්පාදු වුණේ. අපි බැලුවොත් ඇමතිවරුන්ට ලැබෙන්නේ, මන්ත්‍රී දීමනාව. කාර්ය මණ්ඩලය ඇමතිවරුන්ගේ තුනෙන් එකකින් අඩුකරලා. වාහන බලපත්‍ර ඇත්තේම නෑ. අලුත් වාහන ගන්නම බෑ. ඔවුන්ගේ සියලු දීමනා ඉහළ බදු අනුපාතයකට අපි යටත් කරලා බදු අය කරගන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය මේ තරම් සීමිත ප්‍රමාණයක් අපේ රටේ තිබිලා තියෙන්නේ, ගොඩක් ඉස්සර. මේ දිනවල යෝජනා වෙලා ක්‍රියාත්මක වීගෙන යනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් තිබුණ විශාල ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න. මේ යුගය තමා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළම විදියට කප්පාදු වුණේ මේ මුදල් ඇමතිගේ විශේෂ වැඩපිළිවෙල එක්ක. මොකද සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරා ගත යුතුයි කියන සංකල්පය එක්ක.”