මීගමුව මහේස්ත්‍රාත්වරයා සිය බිරිඳ සහ දරුවන් සමඟ රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටිය දී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරෙමින් බැන වැද එය වීඩියෝ කර මහේස්ත්‍රාත්වරයා අපහසුතාවට ලක් කර ඇති අතර මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් රාගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කරනු ගනු ලැබීය .
ඒ අනුව එම සැකකරුවන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.