හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ හය දෙනෙකු හට හම්බන්තොට මහාධිකරණය විසින් ඊයේ (22) දින සවස මරණීය දණ්ඩණය නියම කර ඇති බව වාර්තාවේ.
ඒ එම ඝාතනයෙන් වසර 20 කට පසුව මරණ දණ්ඩනය හිමිවූ බව සදහන්වේ. එලෙස චෝදනාවට වැරදි කරු වූ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචි කරුවන් වන 81 හැවිරිදි තිදරු පියෙකු වන සමන් බුලත්ගම, 43 හැවිරිදි දෙදෙරු පියෙකු වන සිනිපැල්ලගේ ලලිත් ප්‍රසන්න, 80 හැවිරිදි රණසිංහ ආරච්චිගේ ජිනදාස, 46 හැවිරිදි හේවා හල්පගේ වසන්ත, 39 හැවිරිදි දිලාන් මංජුල හා 38 හැවිරිදි එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුට බව වාර්තාවේ.
චුදිතයින් හය දෙනා එක්ව 2003 අප්‍රේල් මස 14 වන දින සිංහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි වයස අවුරුදු 30 ක් වන අවිවාහක පුද්ගලයෙකුට අතින් පයින් පොලුවලින් හා තියුණු ආයුධ වලින් පහරදි ඝාතනය කර ඇති බවයි සදහන් වන්නේ.














































