අන්තරේ කැඳවුම්කරු පත් කිරීම සඳහා වූ නිලවරණය තිබූ ස්ථානය එක වරුවක් වෙනස් කිරීමෙන් හා ප්‍රධාන ශිෂ්‍ය සංගම් රැසකට එම අවස්ථාව අහිමි කිරීම හේතුවෙන් මෙය යම් ආකාරයක කුමන්ත්‍රණකාරී පත් වීමක් බවත් , මෙතෙක් ආසන්න කාලය පුරාවටම කුමන්ත්‍රණකාරී ආකාරයෙන් අන්තරේ කැඳවුම්කරු පත් කිරීම සිඳු වී තිබෙන බවත් , මෙම ක්‍රමවේදය වෙනස් කළ යුතු බවත් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිළිබඳව පවතින විශ්වාසය බිඳ වැටීමට සහ ශිෂ්‍ය ව්‍යාපාරවලට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් හට මෙය කදිම අවස්ථාවක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.