රියදුරන් විස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන බවට ලද තොරතුරක් මත බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පොලිස් ස්ථාන 106 ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුක්තව විශේෂ මෙහෙයුමක් සිඳු කළ අවස්ථාවක දී ගත වූ දින දෙකක කාලය තුළ විස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කළ බස් රථ රියදුරන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එම මෙහෙයුමේ දී බස් රථ 775 ක් පරීක්ෂා කර එම බස් රථ රියදුරන්ගේ කේඨය පරීක්ෂා කිරීමෙන් මෙලෙස රියදුරන් 15 දෙනෙක් හඳුනා ගත් බවත් , විස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කොටු වූ රියදුරන්ගේ මුත්‍රා සම්පල පරීක්ෂා කර ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් පොලිසිය සඳහන් කර තිබේ.
එමෙන්ම රියදුරන් හඳුනා ගැනීම සඳහා මේ වන තෙක් ඇල්කොලයසිර් නළ භාවිතා කළත් විස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති බවත් , මාර්ග ආරක්ෂාව භාර ජාතික සභාව විසින් මේ සඳහා අවශ්‍ය මුදල් ලබා දීමෙන් අනතුරුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් විශේෂ නළ කට්ටල පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිත බවත් සඳහන්.
 
	    	



























 
		    


















