ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබෙන බවට වාර්තා වේ.
අද පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පසු මෙම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව සදහන්.
තරග තුනකින් සමන්විත තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි.
එම ක්‍රීඩාංගණයේ එක් දින තරගයක් පැවැත්වෙන්නේ වසර තුනකට පසු වීම විශේෂත්වයකි.