පානදුර වෑකඩ පහන්ගම ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ කාමරයක් කුලියට ගෙන නේවාසිකව සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටිය දී පානදුර දකුණ පොලිසිය වීසින් සොයා ගත් බව වාර්තා වේ.
මෙම පුද්ගලයා සිටි කාමරයෙන් අධික දුඟදක් හමන බවට ලද පැමිණිල්ලකට අනුව පානදුර දකුණ පොලිසිය විසින් සිඳු කළ විමර්ශනයකදී අද (29) පස්වරුවේ මළ සිරුර සොයා ගෙන තිබේ.
මෙම දෙමහල් නිවසේ පහළ මාලයේ එම නිවසේ හිමිකරු සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කළ බව සඳහන්.
මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.














































