ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා මෙම මස 31 සහ ජූනි 1 යන දිනයන්හි සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට මුදල් රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලින ප්‍රවණතා ,ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව සදහන්.














































