විවෘත වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා දැදිගම ගුරුදෙනිය ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු එල්ල කළ පිහි පහරින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
මෙම සැකකරු ගුරුදෙනිය ප්‍රදේශයේ වෙල්යායක සිටින බවට ඊයේ (30) සවස පොලිසියට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරින් සමග පොර බදා ඔහුගේ ඉනේ සගවාගෙන සිටි පිහියකින් පොලිස් නිලධාරින් දෙදෙනාට පහර දී තුවාල සිදු කර ඇති බව සදහන්.
පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.