English
සිංහල
11:12 සිකුරාදා, ඔක්තෝබර් 31, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජනපතිගේ ජපන් සංචාරය රට ගොඩගන්න මනා පිටිවහලක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ආර්ථික අර්බුදයෙන්  රට ගොඩගැනීමට මනා පිටිවහලක්

    • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග.

    ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම විදෙස් සහ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිළිව ලෝකය හමුවේ තැබීම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වෙරදරන ප්‍රයත්නයට මනා පිටිවහලක් සපයනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ලබා ගැනීම මෙන්ම මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජපානයේ සහාය තවදුරටත් වර්ධනය කර ගැනීමටත් ජනාධිපතිවරයා සිදුකළ මැදිහත්වීම දියුණු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක්  බව ද ඒ මහතා අවධාරණය කළේය.

    එසේම මෙරට සංවර්ධන ව්‍යාපෘති සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ඉහළ පෙළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු වාණිජ මණ්ඩල සමඟ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා සිදුකළ විවෘත අදහස් දැක්වීම මෙරට ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට ඉවහල් වූ බවත් ඔහු පැවසීය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

    එහිදී ජපානයේ පැවති  ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන නික්කෙයි ජාත්‍යන්තර සමුළුව අමතමින් ජනාධිපතිවරයා සිදුකළ දේශනය පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා, ”ආසියාව ලෝකයේ අනාගතය” බවට පත්ව ඇති බවත්, ගෝලීය දේශපාලනය තුළ නිවහල් ආසියාවක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැක්වූ අදහස් ජපානය ඇතුළු කලාපීය බලවතුන්ගේ ඇගයීමට ලක්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා

    රනිල් වික්‍රමසිංහ මහතා පරිණත රාජ්‍ය නායකයෙක් හා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ලෝකයේ සියලු කණ්ඩායම් සමඟ සමබර ලෙස ගනුදෙනු කරනවා. ඒ වගේම දූරදර්ශී ලෙස වැඩ කරනවා. ඒ නිසා පසුගිය කාලයේදී ගත් දුරදිග නොබැලූ තීරණ නැවත නිවැරැදි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.ජපානය සමඟ යම් දුරස් වීමකට හේතු වුණේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හැර දැමීම නිසයි. එම සිදුවීම ජපානය සැලකුවේ ඔවුන්ව නොසලකා හැරීමක් එහෙමත් නැතිනම් හෑල්ලු කිරීමක් ලෙසයි. මගේ අදහස නම් ඇත්තෙන්ම ඒ ව්‍යාපෘතිය අපේ රටට වඩාත් සුදුසු දෙයක්.

    රටක් ඉක්මනින් දියුණු වෙන්න නම් නාගරික තදබදය සහිත ප්‍රදේශවල තදබදය නැති කළ යුතුයි. එහෙම නොවුණොත් රටක් දියුණු කරන්න අමාරුයි.අපේ කලාපයේ රටක් වන තායිලන්තය වේගයෙන් දියුණුව වෙත ගමන් කරන්නේ එහි මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් කළ නිසයි.

    එදා ජපාන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සිදු කළා නම් එය අපේ රටට වඩාත් හොඳ දෙයක් බවට පත්වෙනවා. එහෙත් පසුගිය කාලයේ ගත් අනුවන තීරණයක් නිසා අපට ඒ අවස්ථාව අහිමි වුණා. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන කනගාටුව පළ කළා.ඒ තත්ත්වය තුළ ජපානය සමඟ තිබූ අනවබෝධයක් තිබුණා නම් එය වෙනස් වුණා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබා දුන්නේ ඇමරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්. මේ සැහැල්ලු  දුම්රිය ව්‍යාපෘතියට ඩොලර් බිලියන දෙකකට ආසන්න  මුදලක් ආයෝජනය කරන්න ජපානය බලාපොරොත්තු වෙලා හිටියා. එම ආයෝජනය ණයක් වුවත් අපට ආධාරයක් වශයෙන් ද ගණනය කරන්න පුළුවන්. මෙය  ඉතාම අඩු පොළියකට ලැබුණු විශාල ආයෝජනයක්. සාමාන්‍යයෙන් ජපන් ආධාර රටටකට පැමිණීමේදී මුළු ලෝකයේම අවධානය එම රටට යොමු වෙනවා. ජපන් ව්‍යාපෘති එන්නේ ‘පොකුරක්’ විදිහටයි. ආයෝජන ගලාගෙන එනවා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය නිසා ඩොලර් බිලියන දෙකක ආයෝජන ආධාර රටට ලැබීමට නියමිතව තිබෙනවා. එය අපේ රටේ ආර්ථික පුනරුදය සඳහා ලැබුණු හොඳ අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

    ඉදිරියේදී විදේශ ව්‍යාපෘති දෙපාර්ශ්වයක එකගතාවයකින් තොරව නතර කිරීමට නොහැකි ආකාරයට පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිතුමා අදහස් පළ කර තිබෙනවා. ආයෝජනවල ප්‍රතිලාභ රටට ඇති කරන්න නම් එවැනි සංකල්පයක් නීතිගත කිරීම අතිශය වැදගත්. ශ්‍රී ලංකාව ආයෝජනවලට එන්න කියන රටක්.

    දියුණු රටවල් අතර ආයෝජන ඇති වීමේදී මෙය අතිශය වැදගත් වෙනවා. තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදයට විසඳුමක් විදිහට තමයි ‘සැහැල්ලු දුම්රිය‍ ව්‍යාපෘතිය’ ආරම්භ කළේ. මෙවැනි අවස්ථාවක සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීම ඉතා වැදගත්. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී විශේෂයෙන්ම ගමනාගමන පහසුකම් සංවර්ධනය කිරීම අතිශය වැදගත්.

    ඒ සමුළුවෙදි අපට අපේ කලාපීය මිතුරන් එක්ක අදහස් හුවමාරු කර ගන්න අවස්ථාව ලැබුණා. ඒක අප රටට ලැබුණු හොඳ අවස්ථාවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ සමුළුවෙදි ජනපති අගනා දේශනයක් කළා. ‍ආසියාව ලෝකයේ අනාගතය කියන එක ජපන් සමුළුව අමතා ජනාධිපතිතුමා පැහැදිලි කරනවා. එහිදී වැදගත් වෙන්නේ රටේ නායකයෙක් තම විදේශ ප්‍රතිපත්තිය ලෝකය ඉදිරියේ නිසියාකාරව ඉදිරිපත් කිරීමයි. ලෝකය ඉදිරියේ තම ප්‍රතිපත්තිය හරියට සමාජගත නොකළහොත් රටේ ඉන්න ජනතාව දන්නෙත් නැහැ, පිටරට ජනතාව දන්නෙත් නැහැ  රාජ්‍ය නායකයාගේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා. නොබැඳි පිළිවෙත එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. කාගෙවත් පැත්තක් ගන්න අවශ්‍ය නැහැ කියලා කිව්වා.

    ඊට ජපානය තුළ සහ කලාපීය රටවල ලොකු ඇගයුමක් ලැබිලා තිබෙනවා. මෙය අපේ රට ලැබූ කීර්තියක් සහ ජයග්‍රහණයක්  විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. අර්බුදයෙන් පසු අපට ලෝකය හමුවට යාමට ලැබුණු අවස්ථාවක් ලෙසත් මේ අවස්ථාව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය සදහා ජනාධිපතිතුමා ගියා. මේ සියල්ල මගින් අපට අන්තර් ජාතික ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.මේ විදිහේ අවස්ථා රටට ඵලදායි ලෙස යොදා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබී තිබෙනවා. එය ඉතාමත් යහපත් ප්‍රවේශයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

    ශ්‍රී ලංකාව අවුරුදු පන්සියයක් කොටස් වශයෙන් හෝ යටත් කර ගත් රටක්. අපේ රටේ වටිනාකමක් නැත්නම් ජාත්‍යන්තරය අපේ රට යටත් කර ගනීද? මෙහි වටිනාකම වෙළෙඳාමට පමණක් නො‍ව, ආසියාවේ ආරක්ෂාවට නැතුවම බැරි රටක් ලෙස අපේ රට හඳුන්වන්න පුළුවන්. ආසියාවේ තිබෙන පිබිදීමත් සමඟ ලෝකයේ රටවල් පහ දහයට ආසියාවේ රටවල් එනවා කියන්නේ ලංකාව අමතක කරලා දුවන්න පුළුවන් මොඩලයක් නෙමෙයි එන්නේ. අපේ ඩිජිටල් ආර්ථිකය, ගමනාගමනය, පෝට්සිටි වැනි ආයෝජන, ආයෝජකයෝ ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයට ආවේ නොමැති නම් අපට රටක් වශයෙන් ඉදිරි ගමනක් යන්න බැරි වෙනවා.

    ජපානය කැමතියි අපට අතඅත දීලා ඉදිරියට යන්න. මීට පෙර පැවති වසර දෙකකට වඩා දැන් සෑම දේකින්ම යහපත් දෙයක් වෙමින් යන බව පේන්න තිබෙනවා.

    ඉදිරියේදී ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපේ රටට ප්‍රතිලාභ ලැබෙනවා. තවදුරටත් අලාභ ලබන ආයතන නඩත්තු කරලා වැඩක් නැහැ. ජපානය රටකට ණයක්, ආධාරයක් දෙනවා නම් දෙන්නේ හරියට බලලා. ජපානය ලෝකයේ ජනාදරයට පාත්‍ර වෙලා තිබෙන්නේ ඒ නිසයි. ඔවුන් තාක්ෂණය වුණත් හරියට ලබා දෙනවා. ජපනයේ තාක්ෂණ, මුදල්, විදේශ කටයුතු ඇමැතිවරුන් සමඟ ජනාධිපතිතුමන් සාකච්ඡා කළා. ඔවුන් ලංකාවට උදව් කරන්න කැමතියි. ඉදිරියේදී හොඳින් ජපානය සමඟ කිට්ටුවෙන් වැඩ කරන්න අවස්ථාව ලැබෙයි. අපටත් ජපානය වගේ රටක් වෙන්න පුළුවන්. ඇතැම් විට අපට තිබෙන සම්පත් නිසා ඔවුන්ටත් වඩා ඉදිරියට යන්න පුළුවන් වේවි. කෙටි මාර්ග ඔස්සේ ගමන් කරනවාට වඩා දීර්ඝ කාලීන සැලසුම් සමඟ ඉදිරියට යා යුතුයි.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවැත්වූ ‘1O1 කතා’ වැඩසටහනට අදාළ වීඩියෝ දර්ශන මෙම සබැඳිය (https://youtu.be/Rm0N4MXSgHs ) ඔස්සේ ලබා ගත හැකිය.

    1O1 කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා 1O1 කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන් (https://tinyurl.com/101Katha ) එක්වන්න.

    ( ජනාධිපති මාධ්‍ය අංශය )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version