මුහුදු කූඩැල්ලන් තිදෙනෙක් අල්ලාගෙන රැගෙන යමින් සිටි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් සමුද්‍ර ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගත් බව වාර්තා වේ.
මෙම කාන්තාවන් දෙදෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ හික්කඩුව ප්‍රදේශයේ නතරව සිට ඇති අතර හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයෙන් මෙලෙස මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන යමින් සිටිය දී එම උද්‍යානයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම සැකකාරියන් දෙදෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් අනූපන්දහසක දඩයක් මත නිදහස් කිරීමට නියෝග කළ බව සඳහන්.
මෙලෙස සමුද්‍ර ජාතික උද්‍යානයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත්තේ අවුරුදු 53 සහ 33 වයස්වල පසුවන්නන් ය.














































